ඇමරිකානු මහජන මන්ත්‍රී මණ්ඩල කථානායකවරයා චීනයේ තායිවාන ප්‍රදේශයේ පාලකයා හමුවීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය
2023-04-04 19:39:32
Share with:

ඇමරිකානු මහජන මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයා, චීනයේ තායිවාන ප්‍රදේශයේ පාලක Tsai Ing-wen හමුවීම පිළිබඳව තරයේ විරෝධය   පළකරන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(4) පැවති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළාය.

Tsai Ing-wen ගේ ඇමරිකානු "සංක්‍රමණය" සඳහා ඇමරිකාව කටයුතු සූදානම් කිරීම සහ ඇමරිකානු රජයේ තුන්වැනි ප්‍රධානි, මහජන මන්ත්‍රී මණ්ඩල කථානායක Kevin McCarthy, Tsai Ing-wen හමුවීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළකරන බව Mao Ning මහත්මිය එහිදී අවධාරණය කළාය.

ඇමරිකානු මහජන මන්ත්‍රී මණ්ඩල කථානායක Kevin McCarthy හෙට (5) Tsai Ing-wen හමුවන බවට වාර්තා පළ වී තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම