ගෝලීය සංක්‍රමණ පාලනයේ දී චීනයේ ක්‍රියාකාරී භූමිකාව අගය කරන බව ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් පවසයි
2023-04-04 10:03:01
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය Qin Gang මහතා ඊයේ (3) බෙයිජිං හි දී ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් António Vitorino මහතා හමු විය.

António Vitorino මහතා ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් වූ දා සිට ඔහුගේ වැඩකටයුතු පිළිබඳ Qin Gang මහතා ප්‍රශංසා කළ අතර, චීනය සහ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය අතර සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ඇති බව ද ඔහු පැවසීය. ලෝකයේ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සංක්‍රමණ කළමනාකරණය සහ සංක්‍රමණිකයන්ගේ විධිමත් ප්‍රවාහය ප්‍රවර්ධනය කිරීම වැනි කටයුතුවල දී මෙම සංවිධානය සමග ප්‍රායෝගික ක්‍රියාකාරී සහයෝගීතාවයක් පවත්වා ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව Qin Gang මහතා පෙන්වා දුන්නේය.

ගෝලීය සංක්‍රමණ පාලනයේ දී චීනයේ ක්‍රියාකාරී භූමිකාව António Vitorino මහතා අගය කළේය. ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය වාර්ගික වෙනස්කම්වලට විරුද්ධ වන බවත්, බහුපාර්ශ්විකවාදයට අනුගත වන බවත්, චීනය විසින් ඉදිරිපත් කරන ලද ගෝලීය සංවර්ධන මුලපිරීම, ගෝලීය ආරක්ෂක මුලපිරීම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම සඳහා සහය දක්වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම