ගෑස් මිල පහළට
2023-04-04 13:58:31
Share with:

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,005 කින් පහළ දැමෙන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව, රුපියල් 4,743ක් ව පැවති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,738ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 402කින් පහත දමා තිබේ. එහි නව මිල වන්නේ රුපියල් 1,502කි.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 700ක් වේ.

ලෝක වෙළෙඳපොළේ පවතින මිල උච්චාවචනයන්ට අනුව මෙම මිල අඩුකිරීම සිදුකළ බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම