ඩිජිටල් ආර්ථික ධාරිතාවයෙන් චීනය අඛණ්ඩව ලොව දෙවැනි තැනට
2023-04-04 10:49:39
Share with:

‘ඩිජිටල්කරණ චීනයේ සංවර්ධනය පිළිබඳ සමස්ත සැලැස්ම’ නිකුත් කෙරේ.

ලොකයේ ඩිජිටල් ආර්ථික ධාරිතාවය අනුව චීනය දෙවැනි ස්ථානයේ පසු වන බව ඊයේ(3) චීන රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජාතික අන්තර්ජාල තොරතුරු කාර්යාලයේ උප අධ්‍යක්ෂිකා ට්සාඕ ශූමින් මහත්මිය පැවසුවාය.  ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කරන ඩිජිටල් කර්මාන්තය රටේ ආර්ථික වර්ධනයේ ප්‍රධානම එන්ජිමක් බව ද ඇය  සඳහන් කළාය.   

2022 වසරේ දී චීනය ඩිජිටල්කරණ සංවර්ධනයේ උසස් ප්‍රගතියක් ලබා ගත් වසරකි. අදාළ යටිතල පහසුකම් සංවර්ධනය සම්පූර්ණ කර ‘සෑම නගරයකටම ගිගාබිට් සම්බන්ධතාවයක්, සෑම ප්‍රාන්තයකටම 5G සහ සෑම ගම්මානයකට බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවය  ’ යන නියමිත ඉලක්කය සාක්ෂාත් කර ගෙන ඇත. චීනය, ‘Internet of Things’ සම්බන්ධතා සංඛ්‍යාව, ජංගම දුරකථන සේවාදායකයින්ගේ සංඛ්‍යාව ඉක්මවා ගිය ප්‍රථම රට බවට පත් වී ඇති බව ද ඇය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම