133 වැනි කැන්ටන් ප්‍රදර්ශනයෙන් ලොව පුරා සමාගම් ලක්ෂ ගණනකට අවස්ථා
2023-04-04 15:07:13
Share with:

133 වැනි කැන්ටන් ප්‍රදර්ශනය ලොව පුරා සමාගම් ලක්ෂ ගණනකට සැපයුම් දාම ගොඩනඟා ගැනීමට සහාය වෙයි.

චීන වාණිජ අමාත්‍යාංශ නිලධාරියෙක් අද (4) පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවසීය. 133 වැනි කැන්ටන් ප්‍රදර්ශනය ලබන 15 වැනිදා සිට මැයි 5 වැනිදා දක්වා දකුණු චීනයේ කැන්ටන් හි දී පැවැත්වීමට නියමිත බව හෙතෙම සඳහන් කළේය. එසේම මාර්ගගත වේදිකා සාමාන්‍ය පරිදි විවෘත කෙරේ. එම ප්‍රදර්ශනය යටතේ, සමාරම්භක උත්සවය, දෙවැනි ජුයං ජාත්‍යන්තර වෙළඳ සංසදය සහ වෙළඳ ප්‍රවර්ධන හා හුවමාරු ක්‍රියාකාරකම් 400ක් පමණ පැවැත්වීමට නියමිත බව ද අමාත්‍යාංශය දැනුම් දෙයි.

මෙහි මාර්ගගත නොවන කොටස අදියර තුනකින් පැවැත්වෙන අතර, එක් එක් අදියර දින 5 බැගින් පැවැත්වෙනු ඇත. කැන්ටන් ප්‍රදර්ශනයේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග මීටර් ලක්ෂ 15 කි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම