තුන්වන චීන ජාත්‍යන්තර පරිභෝගික නිෂ්පාදන ප්‍රදර්ශනය ලබන 10 වනදා Hainan පළාතේ Haikou නගරයේ දී ආරම්භ වේ
2023-04-04 10:35:47
Share with:

තුන්වන චීන ජාත්‍යන්තර පරිභෝගික නිෂ්පාදන ප්‍රදර්ශනය ලබන 10 වනදා සිට 15 වනදා දක්වා Hainan පළාතේ Haikou නගරයේ දී පැවැත්වීමට නියමිතයි.

වසංගත පාලනය ස්ථීර තත්ත්වයකට ප්‍රවේශ වීමෙන් පසු චීනයේ පැවැත්වෙන ප්‍රථම විශාල ජාත්‍යන්තර ප්‍රදර්ශනය මෙයයි. මෙවර ප්‍රද‍ර්ශනයට රටවල් හා කලාප 60කට වැඩි සංඛ්‍යාවකින් ප්‍රසිද්ධ වෙළඳ සන්නාම 3100ක් පමණ එක් වනු ඇත. පළමුවැනි හා දෙවැනි ප්‍රදර්ශනයට වඩා මෙවර ප්‍රදර්ශනයට රටවල්, සන්නාම සහ ගැනුම්කරුවන් ඇතුළු කේන්ද්‍රීය අංශ වැඩි ප්‍රමාණයක් එක්  වේ.

එමෙන්ම රටවල් හා ජාත්‍යන්තර සංවිධාන හතක නායකයන්, ප්‍රධානීන් මෙන්ම ලෝකයේ ඉහළ ම සමාගම් 500ක් අතරින්, පුරෝගාමී සමාගම් 30ක ප්‍රධාන විධායක නිලධාරීන් ද මෙවර ප්‍රදර්ශනයට එක්වීමට නියමිත ය. සාකච්ඡා සභා, වෙළඳ සංවාද හා ආයෝජන ප්‍රවර්ධනය ඇතුළු වැඩසටහන් 100ක් පමණ එහි දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම