චීන -ප්‍රංශ ජනපතිවරුන්ගේ හමුවක්
2023-04-03 17:32:13
Share with:

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා අප්‍රේල් 5 සිට 7 දක්වා චීනයේ නිල සංචාරයක නිරත වේ.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා MaoNing මහත්මිය  අද (3)පැවති  නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසුවේ මෙම සංචාරය අතරතුර, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පවත්වන බවයි. එසේම, ඒකාබද්ධ සැලසුම් සහ චීන-ප්‍රංශ  සහ චීන-යුරෝපා සබඳතාවන් හි විවිධ අංශවල සහයෝගිතා මෙන්ම ජාත්‍යන්තර සහ කලාපීය වශයෙන් පවතින ප්‍රධාන ගැටළු සම්බන්ධයෙන් ද නායක දෙපළ ගැඹුරින් අදහස් හුවමාරු කරගනු ඇත.

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා සහ චීන ජාතික මහජන කොංග්‍රස සභාවේ සභාපති චාඕ ල චී මහතා ද ප්‍රංශ ජනාධිපතිවරයා හමුවීමට නියමිත ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම