තායිවාන ප්‍රශ්නය විසඳීම චීන ජනතාවටම අයත්වන්නක් බව චීන විදේශ අමාත්‍යංශය අවධාරණය කරයි
2023-03-23 19:14:39
Share with:

තායිවානය යනු චීනයේ තායිවානයයි. තායිවාන ප්‍රශ්නය විසඳීම චීන ජනතාවගේම කටයුත්තකි. එය තීරණය කිරීම චීන ජාතිකයන්ට පමණක් සතු බව, චීන විදේශ අමාත්‍යංශය අවධාරණය කරයි. 

ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මෑතකදී පෙන්වා දුන්නේ, 2027 වසරට පෙර තායිවානයට පහර දීමට චීනය‍ට හැකියාව ඇති බවයි.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා සඳහන් කළේ, සාමකාමීව නැවත එක්වීමේ අපේක්ෂාව සඳහා උපරිම අවංකභාවයෙන් සහ උපරිමයෙන් උත්සාහ දරන ලෙස චීනය අවධාරනය කරන බවයි. එහෙත් චීනය කිසිවිටෙක බලය භාවිත කිරීම අත්හරින බවට පොරොන්දු නොවන අතර, අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට චීනයට හැකියාව ඇත. මෙය බාහිර බලවේගවල මැදිහත්වීමට මෙන්ම, ඉතා කුඩා පරිමාණ තායිවාන බෙදුම්වාදී බලය සහ ඔවුන්ගේ බෙදුම්වාදී ක්‍රියාකාරකම්වලට ‍එ‍රෙහිවන්නක්  බව දWang Wenbin මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම