මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් චීනයෙන් යෝජනා
2023-03-18 15:20:42
Share with:

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චීනය ජගත් මානව හිමිකම් කවුන්සිලයට ප්‍රකාශයක් ඉදිරිපත් කරයි. රටවල් 70 කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන මෙම ඒකාබද්ධ ප්‍රකාශයෙන්  මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කර ඇත.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කර ගැනීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන්,  ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂු මහතා ඊයේ (17 ) එම ප්‍රකාශනය ඉදිරිපත් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 52 වැනි සැසිවාරයේදීය.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ලෝක මානව හිමිකම් අභිවෘද්ධියට ප්‍රබල බලපෑමක් ඇති කළ සන්ධිස්ථානගත ලේඛනයක් බව හෙතෙම පෙන්වා දෙයි.   

පසුගිය වසර 75 තුළ ජාත්‍යන්තර ප්‍රජාව, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයෙහි දක්වා ඇති උසස් ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී වැදගත් ජයග්‍රහණ ද ලබා ඇත. ඒ අතරම, එය සංකීර්ණ හා දැඩි අභියෝගවලට ද මුහුණ පාමින් සිටී. එම ප්‍රකාශනයේ 75 වැනි සංවත්සරය එහි වටිනාකම ප්‍රබෝධවත් කිරීමට වැදගත් අවස්ථාවක් සපයා ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම