සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් අයදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කරගැනේ
2023-03-17 13:58:22
Share with:

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහන යටතේ ලැබී ඇති අයදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කරගැනීමේ කටයුතු අවසන් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. මෙම වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක  වේ.

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334 කින් ලැබුණු අයදුම්පත් ලක්ෂ 37 කට අදාළව සුබසාධක දීමනා ලබාදීමට සුදුසුකම් පරීක්ෂා කිරීම මේ වනවිට  සිදුකෙරෙමින් පවතී. මෙම තොරතුරු සමීක්ෂණ කටයුතු මාර්තු 31 වන දිනෙන් අවසන් වන බැවින්, නිලධාරීන් වෙත නිවැරදි දත්ත ලබා දීමට කටයුතු කරන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා සියලු ම අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වන්නන්ට සුබසාධක ප්‍රතිලාභ අහිමි විය හැකි බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම