ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කරයි
2023-03-10 15:57:17
Share with:

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් මාසය වනවිට නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු තවදුරටත් පවසන්නේ වාණිජ ණය හිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා තවත් කඩිනම් කිරීමටද අපේක්ෂා කරන බවය.

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පැකේජයේ පළමු සමාලෝචනය මාස 6කදී සිදුකිරීමට නියමිත බවත්, ඊට පෙර අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවට බොහෝවිට මාර්තු 20 වැනිදා වනවිට විස්තීරණ මූල්‍ය පහසුකම ලැබෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා අනුමාන කර තිබේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම දීර්ඝකාලීනව ණය තිරසර බව ඇතිකරගැනීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම