චීන ජනාධිපතිවරයා‍ ගෙන් නයිජීරියා නව ජනාධිපතිවරයාට සුබ පැතුම්
2023-03-04 19:01:28
Share with:

Bola Tinubu මහතා නයිජීරියාවේ ජනාධිපතිධුරයට පත්වීම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි.

හෙතෙම අද(4)  Bola Tinubu මහතා වෙත වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කළේ ය.

ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේ, නයිජීරියාව යනු අප්‍රිකාවේ වැදගත් උපායමාර්ගික හවුල්කරුවෙක් බවයි. මෑත වසරවල, දෙරට අතර විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාවයෙන් ඵලදායි ප්‍රතිඵල අත්ක‍ර ගෙන ඇති අතර, ජාත්‍යන්තර සහ කලාපීය කටයුතුවලදී සමීපව සහයෝගයෙන් කටයුතු කර තිබේ.

චීන-නයිජීරියානු සබඳතා වර්ධනයට තමා විශාල වැදගත්කමක් ලබා දෙන බව ෂී ජින් පිං මහතා සඳහන් ක‍ළේ ය. ජනාධිපති Bola Tinubu මහතා සමඟ, චීන-නයිජීරියානු උපායමාර්ගික හවුල්කාරීත්වය නව මට්ටමකට ප්‍රවර්ධනය කිරීම එක්ව උත්සාහ කිරීමට, තමා කැමැත්තෙන් සිටින බව, ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම