ඇමරිකා රුසියා විදේශ ඇමතිවරුන් අතර හමුවක්
2023-03-04 17:46:27
Share with:

ඇමරිකා රුසියා විදේශ ඇමතිවරු හමු වෙති.

ඇමරිකා රාජ්‍ය ලේකම් Antony Blinken මහතා හා රුසියා විදේශ ඇමති Sergey Lavrov මහතා පසුගිය 2 වනදා පැවති ජී 20 කණ්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුවේදී කෙටි හමුවක් පැවැත්වූහ. යුක්රේන අර්බුදය උග්‍ර වීමෙන් පසු දෙරටේ විදේශ ඇමතිවරුන් අතර සිදුවූ ප්‍රථම හමුව මෙය ය. Antony Blinken මහතා එම හමුවේදී කරුණු 3ක් ඉදිරිපත් කර තිබේ. රුසියාව විශේෂ හමුදා ක්‍රියාකාරකම් අවසන් කිරීම හා රාජ්‍යතාන්ත්‍රික සංවාදය පැවැත්වීම, “නව උපායමාර්ගික ආයුධ අවම කිරීමේ ගිවිසුම”යළි අනුගමනය කිරීම, රුසියාවේ ඔත්තු බැලීමේ අපරාධයට වරදකරු වූ Paul Whelan නමැති ඇමරිකා හිටපු නාවික භටයා නිදහස් කිරීම එම කරුණු 3ට ඇතුළත් ය. එහෙත් රුසියා විදේශ ඇමති Sergey Lavrov මහතා එම යෝජනා ප්‍රතික්ෂේප කර තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම