හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවන බව ජනපති කියයි
2023-03-03 19:55:04
Share with:

හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරි වසර 5ක කාලය තුළ ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනමක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ මින්නේරිය වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනේරින් ආයතනය විවෘත කිරීම වෙනුවෙන්  පැවති උත්සවයකට එක්වෙමිනි.

රටේ පවතින ඉන්ධන අර්බුදයට විසදුමක් ලෙස විද්‍යුත් පාපැදි, යතුරුපැදි,එකලස් කරන ලද ට්‍රැක්ටර් , ත්‍රි රෝද රථ නිෂ්පාදනය කිරීමට වෝල්ටා ඔටෝ ටෙක් ආයතනය කටයුතු යොදා ඇත.

හරිත බලශක්තිය ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් ගෙන ඇති මෙම පියවර අගය කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය. මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් රටේ ආර්ථීකය හරිත බලශක්ති ආර්ථිකයකට යොමුකිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු අත ලෝකයේ රටවල් හරිත බලශක්ති ආර්ථිකයක් සඳහා යොමු වෙමින් සිටින බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය .

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම