පසුගිය දශකය තුළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉහළ ගුණාත්මක වර්ධනයක් අත්කර ගනී
2023-03-03 09:01:04
Share with:

පසුගිය දශකය තුළ චීනය සහ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට අදාළ රටවල් අතර භාණ්ඩ වෙළඳාම 8% ක සාමාන්‍ය වාර්ෂික අනුපාතයකින් වර්ධනය වෙයි .

2013 සිට 2022 දක්වා, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට අදාළ රටවල් සමඟ චීනයේ භාණ්ඩ වෙළඳාම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.04 සිට ඩොලර් ට්‍රිලියන 2.07 දක්වා ප්‍රසාරණය වූ බව වාණිජ කටයුතු සහකාර අමාත්‍ය Chen Chunjiang මහතා ඊයේ (2)  චීන‍ රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. එහි සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය සියයට 8 කි.

මෙම වසරේ එක් තීරයක් එක් මාවතක් මුලපිරීමේ 10 වැනි සංවත්සරය සනිටුහන් කරයි. Chen Chunjiang මහතා කියා සිටියේ මෙම මුලපිරීම ඉදිරිපත් කළ දා සිට චීනය සහ එම වැඩපිළිවෙළට අදාළ රටවල් අතර වෙළෙඳ හා ආයෝජන පරිමාණය ක්‍රමානුකූලව පුළුල් වී ඇති බවයි. යටිතල පහසුකම් පුළුල් කිරීම මෙන්ම කාර්මික දාමයේ සහ සැපයුම් දාමයේ සහයෝගීතාව අඛණ්ඩව වැඩි දියුණු කර ඇතැයිද Chen Chunjiang මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම