Moody's ශ්‍රේණිගත කිරීමට අනුව ඉදිරි වර්ෂවල චීනයේ ආර්ථික වර්ධනය ඉහළට
2023-03-03 09:07:42
Share with:

Moody's විසින් 2023 සහ 2024 වර්ෂ සඳහා චීනයේ ආර්ථික වර්ධනය පුරෝකථනය කරයි. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody's ආයෝජක සේවාව මෑතක දී සිය ගෝලීය සාර්ව ඉදිරි දැක්ම පිළිබඳ වාර්තාව යාවත්කාලීන කර ඇත.එම වාර්තාවට අනුව මෙම වසර සහ ඊළඟ වසර සඳහා චීනයේ ආර්ථික වර්ධන පුරෝකථනය පෙර පැවති සියයට 4 සිට සියයට 5 දක්වා ඉහළ නංවා තිබේ.

චීනයේ වසංගත වැළැක්වීමේ ප්‍රතිපත්ති ප්‍රශස්ත කිරීම ,ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රකෘතිමත් කිරීම සහ විශේෂයෙන් සේවා කර්මාන්තයේ ඉල්ලුම නැවත ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරයි. මෙම වසරේ වසන්ත කාලයේ සිට යළිත් පරිභෝජනය ඉහළ ගොස් ඇති අතර, සංචාරක හා හෝටල් කර්මාන්ත සඳහා වඩාත් ප්‍රතිලාභ ලැබෙනු ඇත. කෙටිකාලයක් තුළ චීනයේ ආර්ථික ප්‍රකෘතිය අපේක්ෂා කළ තත්ත්වයට වඩා ශක්තිමත් විය හැකි බව ද වාර්තාව පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම