අපනයන ආදායම ස්ථාවර මට්ටමක
2023-03-03 19:52:19
Share with:

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ස්ථාවර මට්ටමකට පැමිණෙමින් මේ වසරේ ජනවාරි මාසයේදීද වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කළ දත්තවලට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අ.ඩො. මිලියන 1,000.9ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

පසුගිය 2022 වසරේ ජනවාරි මාසයේ අ.ඩො. මිලියන 1,100.9ක අපනයන ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙන නමුත් මේ වසරේ ජනවාරි මාසයේ එය 8.98%ක පහළ යෑමක් පෙන්නුම් කරන බවද එම මණ්ඩලය පෙන්වා දෙයි. කෙසේ වුවද පසුගිය 2021 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 6.97%ක වර්ධනයක් පෙන්නුම් කරයි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම