විදේශ ආයෝජන චීන වෙළඳපොළට ඇතුළු වීම වර්ධනයට චීනයෙන් අඛණ්ඩ පියවර
2023-03-03 14:13:32
Share with:

විදේශ ආයෝජනයන් චීන වෙළඳපොළට ඇතුළු වීම වර්ධනය කිරීමට චීනය අඛණ්ඩව පියවර ගනී. මේ අනුව, විදේශ ආයෝජන ප්‍රවේශය සඳහා පැවති සෘණ ලැයිස්තුව තවදුරටත් නිසි ලෙස අවම කෙරේ.

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය ඊයේ(02) සවස පැවැත්වූ මාධ්‍ය හමුවක දී චීන වාණිජ අමාත්‍යංශයේ නිලධාරීහු මේ බව සඳහන් කළහ.

මෙම වසර, නිදහස් වෙළඳ අත්හදා බැලීමේ කලාපය ඉදි කිරීමේ 10වැනි සංවත්සර වසරයි. මෙය නිමිති කරගෙන චීනයේ ක්‍රියාත්මක ආර්ථික හා වෙළඳ නීති-රීති ඉහළ නැංවිය යුතු බව වාණිජ අමාත්‍යංශය කියා සිටී. වෙළඳ ආයෝජනය, රජයට අවශ්‍ය මිළදී ගැනීම්, බුද්ධිමය අයිතිවාසිකම්, පරිසරය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර වෙත අවධානය යොමු කරමින් ප්‍රතිසංස්කරණය සඳහා වන අත්හදා බැලීමේ ක්‍රියාපිළිවෙළ සම්පාදනය කළ යුතු ය. එසේ ම, නිදහස් වෙළඳ වරාය හා නිදහස් වෙළඳ අත්හදා බැලීමේ කලාප කේන්ද්‍ර කර ගනිමින් ජාත්‍යන්තර ඉහළ මට්ටමේ වෙළඳ රෙගුලාසීන්ට සරිලන පද්ධතියක් හා අධීක්ෂණ ක්‍රමවේදයක් ගොඩ නැංවිය යුතු බව ද චීන වාණිජ අමාත්‍යංශය පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම