ඇමරිකාව කියුබාවට පනවා ඇති ආන්තික ක්‍රියාමාර්ග නිසා සිදු වී ඇති හානිය ආපසු හැරවිය නොහැකි බව කියුබානු විදේශ ඇමතිවරයා පවසයි
2023-03-03 14:07:57
Share with:

අසත්‍ය චෝදනා මත පදනම්ව ඇමරිකාව කියුබාවට පනවා ඇති ආන්තික ක්‍රියාමාර්ග නිසා සිදු වී ඇති හානිය ආපසු හැරවිය නොහැකි බව කියුබානු විදේශ ඇමතිවරයා පවසයි.

ඊනියා “හවානා සින්ඩ්‍රෝමයට(Havana syndrome)” “විදේශීය සතුරන්”සමඟ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවට ඇමරිකානු බුද්ධි අංශය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියුබානු විදේශ අමාත්‍ය Bruno Rodriguez මහතා ඊයේ(2) මේ බව ප්‍රකාශ කළේය.

මෙම නිගමනය මීට පෙර කියුබානු විමර්ශන ප්‍රතිඵලවලට අනුරූප වන නමුත් අසත්‍ය චෝදනා මත පදනම්ව ඇමරිකාව කියුබාවට ආන්තික ක්‍රියාමාර්ග  පැනවීමෙන් ඇති වූ හානිය ආපසු හැරවිය නොහැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.

ලොව පුරා බොහෝ රටවල ඇමරිකානු තානාපති කාර්යාලවල හා කොන්සල් කාර්යාලවල රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් අත් විඳින ලද ඊනියා "හවානා සින්ඩ්‍රෝමය" විදේශීය සතුරු බලවේග විසින් සැලසුම් කර සිදු කිරීමේ ඉඩකඩ "ඉතා අඩු" යැයි විමර්ශනයෙන් පසු ඇමරිකානු බුද්ධි අංශ හතක් පෙන්වා දී තිබෙන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කළේය.

විදේශ රටවල ඇමරිකානු නියෝජිත ආයතනවල සමහර කාර්ය මණ්ඩල සාමාජිකයින්ට මේ හේතුවෙන් යම් රෝග ලක්ෂණ ඇති වූ බව ද ඔවුහු ප්‍රකාශ කළහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කියුබාවේ අගනුවර වන හවානා හි සිටියහ. ඇමරිකානු හිටපු ජනාධිපති ට්‍රම්ප් ප්‍රමුඛ එම පරිපාලනය විශ්වාස කළේ කියුබාව යම් ආකාරයක "රහස් ආයුධයක්" භාවිත කිරීම නිසා මෙය ඇති වූ බවයි.  ඒ හා සම්බන්ධ රෝග ලක්ෂණ"හවානා සින්ඩ්‍රෝමය" ලෙස හඳුන්වනු ලැබිණ. ඒ හේතුවෙන් ඇමරිකාවේ කියුබානු රාජ්‍ය තාන්ත්‍රිකයින් පලවා හැර කියුබාවේ ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ද ඉවත් කර ගෙන ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම