චීන විදේශ ඇමතිවරයා ගෙන් ජී 20 කණ්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුවට වැදගත් කරුණු 3ක්
2023-03-03 19:35:22
Share with:

ජී 20 කණ්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුවට එක් වූ චීන විදේශ ඇමතිවරයා වැදගත් කරුණු 3ක් සඳහන් කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(3) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ චීන විදේශ ඇමති Qin Gang මහතා නව දිල්ලි නුවරදී පැවති ජී 20 කණ්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුවේදී වැදගත් කරුණු 3ක් සඳහන් කළ බවයි. අවුල් සහගත ජාත්‍යන්තර තත්ත්වය හා ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමේදී ජී 20 කණ්ඩායම වගකීම් භාර ගනිමින් ගෝලීය වර්ධනය හා සමෘද්ධිය වෙනුවෙන් කැප විය යුතුය. සැබෑ බහුපාර්ශ්වවාදය අනුගමනය කරමින් ගෝලීයකරණය මනා ලෙස වර්ධනය කර වෙනස්කම් පිළිගැනීම හා පොදු ප්‍රතිලාභ සහිත ගෝලීය වර්ධනය ප්‍රවර්ධනය කිරීම ද ඊට ඇතුළත් ය.

මේ අතර ඇමරිකාව, ජපානය, ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව යන රටවල විදේශ ඇමතිවරුන්ගේ සමුළුව ස අද(3) පැවැත්විණ. එම රටවල සිව් පාර්ශ්වික ක්‍රමය සම්බන්ධයෙන් Mao Ning මහත්මිය පැවුසවේ රටවල් අතර සහයෝගිතා පැවැත්වීමේදී සංවෘත කණ්ඩායම් ලෙස ක්‍රියා නොකළ යුතු බවයි. කලාපීය සාමය හා ස්ථාවරත්වයට උපකාරී වන ක්‍රියාවන් අදාළ රටවල් වැඩියෙන් සිදු කරනු ඇතැයි චීනය අපේක්ෂා පළ කරන බව ඇය කීවාය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම