සැමවිටම ජනතාවගේ සුබ සෙත වෙනු‍වෙන් කැපවන චීන ජනපති
2023-03-03 19:23:03
Share with:

         

         මාර්තු මාසය චීන දේශපාලන පරිසරයේ වැදගත් මාසයකි. “ සැසිවාර දෙක ” යනුවෙන් හැඳින්වෙන චීනයේ උත්තරීතර බලායතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ වාර්ෂික සැසිවාරය එම මාසයේ පැවැත්වීම ඊට හේතුවයි. එම සැසිවාර දෙක පැවැත්වෙන කාලයේ ඊට එක් වන මහජන නියෝජිතයන් රටේ සංවර්ධනයට අදාළ බොහෝ කරුණු පිළිබඳව කණ්ඩායම් වශයෙන් සාකච්ඡා කිරීම සුපුරුදු සිරිතකි.

         ගෙවුණු වසර 10 තුළ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම කණ්ඩායම් සාකච්ඡාවලට 53 වතාවක් එක් වී තිබිණ. 2013 වසරේ“ සැසිවාර දෙක ” පැවති කාලයේ ෂී ජින් පිං මහතා පාලක කොමියුනිස්ට් පක්ෂයේ උත්තරීතර නායකයා වශයෙන් තේරී පත් වී ප්‍රථමයෙන් කණ්ඩායම් සාකච්ඡාවකට සහභාගි වූ අවස්ථාවේදී කියා සිටියේ සාකච්ඡාවට එක්ව සිටින සියලු නියෝජිතයන් සමග සෘජුව අදහස් හුවමාරු කිරීමෙන් තමන් බොහෝ දේ දැන ගත් බවයි. එම වසරෙන් පසු සෑම වසරකම “ සැසිවාර දෙක ” පැවති අතරතුර හෙතෙම මහජන නියෝජිතයන් අතරට ගොස් එසේ අදහස් හුවමාරු කිරිමට අමතක නොකළේ ය. ආහාර සුරක්ෂිතතාව වැනි බැරෑරුම් මාතෘකාවල සිට පවුලේ අධ්‍යාපනය වැනි පුද්ගලික මාතෘකා දක්වා චීන ජනාධිපතිවරයා කණ්ඩායම් සාකච්ඡාවලට එක් වෙමින් එහි සිටි මහජන නියෝජිතයන් සමග විවෘත ව අදහස් හුවමාරු කළ අයුරු ජනතාවගේ මතකයේ රැඳී ඇත.

             සැමවිටම ජනතාව වෙනුවෙන් සේවය කිරීමට සහ රට වෙනුවෙන් සේවය කිරීමට තමන් පොරොන්දු වන  බව 2013 වසරේ පැවති 12වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේදී චීන ජනාධිපති ධූරයට තේරී පත් වූ ෂී ජින් පිං මහතා දිවුරුම් දුන්නේ ය. එතැන් සිට වසර 10ක් ගෙවී ගොසින් ය. හෙතෙම තමන් දිවුරුම් දුන් පරිදි කටයුතු කර ඇත්තේ මහජනතාව සිය සිත්හී සැමවිටම තබා ගන්නා නිසාවෙනි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම