සංචාරකයින් ගේ පැමිණීම කැපීපෙනෙන ලෙස ඉහළට
2023-02-28 16:45:46
Share with:

පෙබරවාරි මාසය තුළ ද මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, පෙබරවාරි 26 වන දින වන විට මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බවය.

ජනවාරි මාසය තුළ ද සංචාරකයින් 102,545 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

පෙබරවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩි දෙනෙකු රුසියානු ජාතිකයින් බව වාර්තා වේ.

ඊට අමතරව ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව සහ ඊශ්‍රායලය යන රටවලින්ද වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම