චීන විදේශ ඇමතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මාර්ගගතව ඇමතීමට සූදානම්
2023-02-27 18:48:49
Share with:

චීන විදේශ ඇමතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මාර්ගගතව ඇමතීමට සූදානම් වෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 52 වැනි සමුළුව අද(27) සිට ලබන අප්‍රේල් මස 4 වනදා දක්වා ජීනිවාහිදී පැවැත්වේ. එහි උසස් පෙළේ සමුළුව අද(27) සිට ලබන 2 වනදා පැවැත්වේ. චීන විදේශ ඇමති Qin Gang මහතා ඊට එක් වෙමින් දේශනයක් කරනු ඇත. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ මානව හිමිකම් කවුන්සලය, විවිධ පාර්ශ්වයන් මානව හිමිකම් ප්‍රශ්න පිළිබඳ අර්ථකාරී සංවාද හා සහයෝගිතා පැවැත්වීමේ වැදගත් වේදිකාවක් බවට පත් වන බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියේ අරමුණු හා මූල ධර්මයන්ට අනකූලව චීනය මෙවර මානව හිමිකම් කවුන්සල සමුළුවේ විවිධ සාකච්ඡා වලට සක්‍රීය ලෙස එක්වනු ඇත. ඇතැම් රටවල් මානව හිමිකම් ප්‍රශ්න දේශපාලනීයකරණය කිරීමට විරෝධය පළ කරමින් පොදුවේ ගෝලීය මානව හිමිකම් පාලනය වඩාත් සාධාරණ මෙන්ම යුක්තිසහගත දිශාව දෙස වර්ධනය කිරීම චීනය ප්‍රවර්ධනය කරන බවද Mao Ning මහත්මිය කීවාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම