"යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුම පිළිබඳ චීනයේ ස්ථාවරය"ට ජගත් මහලේකම්වරයාගෙන් ඉහළ ප්‍රතිචාරයක්
2023-02-25 15:50:52
Share with:

චීනය නිකුත් කළ "යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුම පිළිබඳ චීනයේ ස්ථාවරය" යන ලේඛනය එම අර්බුදය විසඳාගැනීම සඳහා වැදගත් දායකත්වයක් සපයා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ ප්‍රකාශක Stephane Dujarric මහතා පවසයි.

හෙතෙම ඊයේ(24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය. චීන රජය විසින් යෝජනා කරන ලද වැඩසටහන අර්බුදය විසඳීමට වැදගත් දායකත්වයක් සපයා ඇති අතර, ඊට ඇතුළත් කර ඇති න්‍යෂ්ටික අවි භාවිතයට හෝ භාවිත කරන බවට කරන තර්ජනයන්ට විරුද්ධ වීමේ යෝජනාව සුවිශේෂ වන බව ද හෙතෙම කියා සිටියේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම