"නෝර්ඩ් ස්ට්‍රීම්" ගෑස් නල මාර්ගය විනාශ කිරීමේ අරමුණ යුරෝපය බැඳ දැමීම බව දේශපාලන විශ්ලේෂකයෙක් පවසයි
2023-02-21 11:27:41
Share with:

යුරෝපය බැඳ දැමීම ඇමරිකා විසින්  "නෝර්ඩ් ස්ට්‍රීම්" ගෑස් නල මාර්ගය විනාශ කිරීමේ අරමුණ බව දේශපාලන විශ්ලේෂකයෙක් පවසයි.

මෑතකදී, ඇමරිකානු දේශපාලන විශ්ලේෂයෙකු ඉරානයේ ඉංග්‍රීසි භාෂා රූපවාහිනීයක සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ‍දේශපාලන විශ්ලේෂක Daniel Patrick Welch මේ බව ප්‍රකාශ කළේය. "නෝර්ඩ් ස්ට්‍රීම්" ගෑස් නල මාර්ගයට පහරදීම " දරුණුම පාරිසරික ත්‍රස්තවාදී ක්‍රියාවන් ගෙන් එකක්" බව හෙතෙම පැවසීය.ඇමරිකාව විසින් එම ගෑස් නල මාර්ගය විනාශ කිරීමේ අරමුණ වන්නේ ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් ඇමරිකාව සමඟ බලහත්කාරයෙන් සම්බන්ධ කරමින් රුසියාවට එරෙහි කණ්ඩායම තුළ රඳවා තබා ගැනීම හෙතෙම ප්‍රකාශ කළේය. 

"නෝර්ඩ් ස්ට්‍රීම්" ගෑස් නල මාර්ගය පිපිරීමෙන් පසු ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සත්‍ය වසන් කරමින් එම සිද්ධියට වගකිව යුත්තේ රුසියාව බවට පවසමින් චෝදනා එල්ල කර ඇත.එහෙත් එම සිද්ධියේ තොරුතුරු හෙළි වීමෙන් පසු බටහිර රටවල් නිහඩ ව සිටින බවද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම