ඇමරිකාවේ දුම්රිය පීල පැනී‍මේ සිද්ධියෙන් සිදුව ඇති පරිසර දූෂණයේ සැබෑ තත්ත්වය හෙළි කරන ලෙසට එහි වැසියෝ රජයට බල කරති
2023-02-21 10:56:09
Share with:

ඇමරිකාවේ Ohio ජනපදයේ වැසි‍යෝ පරිසර දූෂණය පිළිබඳ කනස්සල්ලට පත්වෙති.

පසුගිය 3 වනදා, විෂ රසායනික ද්‍රව්‍ය රැගත් දුම්රියක් Ohio ජනපදයේ නැගෙනහිර පලස්තීන ගම්මානයේ දී පීලි පැන තිබේ. ඉන් විෂ රසායනික ද්‍රව්‍ය පිට වී ඇත. එම පරිසර අනතුරෙන් ජල ගුණාත්මකභාවයට එල්ල වන බලපෑම පිළිබඳව එහි වැසියෝ පසුගිය සතියේ දී රජයෙන් විමසීමක් කළහ. මේ දක්වා රජය ඊ‍ට පිළිතුරු ලබා දී නොමැති අතර ඉන් සැබෑ දූෂණ තත්ත්වය පිළිබද දැන ගැනීමට නොහැකි වී ඇති බව බොහෝ වැසියෝ පවසති.

එම සිද්ධිය සිදු වීමෙන් පසුව, Ohio හි නැගෙනහිර පලස්තීන ගම්මානයේ වැසියන්ට, චර්ම රෝග, ඔක්කාරය සහ හුස්ම ගැනීමේ අපහසුතාව ඇතුළු විවිධ මට්ටමේ රෝග ලක්ෂණ මතුව තිබෙන බව වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම