59 වන Munich ආරක්ෂක සමුළු නගරයේ ඇමරිකාවට හා නේටෝවට එරෙහි උද්ඝෝෂණ
2023-02-19 16:54:36
Share with:

බටහිර රටවල් යුක්රේනයට අවි ආයුධ ලබා දීමට විරෝධය පළ කරමින් ජර්මන් ජනතාව උද්ඝෝෂණ පවත්වති. 

ඊයේ(18) දකුණු ජර්මනියේ පැවැත්වෙන 59 වන Munich ආරක්ෂක සමුළුවේ දෙවන දිනයයි. යුක්රේනයට අවි ආයුධ සැපයීම පිළිබඳව සාකච්ඡා කෙරෙන එම සමුළුවට එරෙහිව Munich නගරයේදී පෙළපාලි හා විරෝධතා රැසක් පැවැත්විණ. 

යුක්රේනයට අවි ආයුධ සැපයීමට එරෙහිව විරෝධතා පවත්වමින් සාමකාමීව කලාපීය ගැටළු එකමුතුව විසඳා ගැනීමට ජනතාව බටහිර රටවල් පෙළඹවිය යුතු බව ජර්මානු ෆෙඩරල් මහජන මණ්ඩලයේ විදේශ කමිටුවේ අධ්‍යක්ෂ Petr Bystron මහතා ඊයේ Munich මධ්‍යම නගරයේ පැවති රැළියකදී දේශනයක් කරමින් ප්‍රකාශ කළේය.

"අවි ආයුධ, මරණය හා විනාශය ගෙන එයි "  "ඇමරිකානුවනි ගෙදර යන්න" යනාදී විරෝධී සටන් පාඨ රැගෙන ජනතාව විරෝධතාවට එක් වූහ. Munich ආරක්ෂක සමුළුවේදී සිය ආණ්ඩුව සහ අනෙකුත් රටවල් යුක්රේන හමුදාවට තවදුරටත් සහාය ලබා දීම පිළිබඳව සාකච්ඡා කිරීමට එරෙහිව ඔවුන් දැඩි විරෝධය පළ කළහ. එමෙන්ම ඇමරිකාව හා ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානය යුක්රේන අර්බුදය නිර්මාණය කළ බව පවසමින්, ඔවුන් වත්මන් යුද ගැටුම් අඛණ්ඩව උග්‍ර කිරීමට තැත් කිරීම පිළිබඳව පෙළපාලියට එක් වූ ජනතාව චෝදනා නගා තිබිණ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම