එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සිරියාවේ ආධාර සඳහා විවෘත ප්‍රවේශයක් ඉල්ලා සිටී
2023-02-14 09:30:58
Share with:

එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සිරියාවේ ආධාර සඳහා විවෘත ප්‍රවේශයක් ඉල්ලා සිටී. සිරියාවේ ඇලෙප්පෝ නගරයට භූමිකම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳව පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවේ දී මානුෂීය කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් මාටින් ග්‍රිෆිත්ස් මහතා මේ බව කියා සිටියේය.

සිරියාවේ ප්‍රතිවාදී කඳවුරු අතර පවතින සතුරුකම භූමිකම්පාවෙන් පීඩාවට පත් ප්‍රදේශයට ඇතුළු වන සහන සේවකයන්ට ද අභියෝගයක් වී තිබේ. සිරියා රජයේ පාලන ප්‍රදේශවලින් වයඹ දිග ප්‍රදේශවලට අවශ්‍ය සහනාධාර යැවීමේ දී, විරුද්ධ කණ්ඩායම්වලින් "අනුමැතිය" ලබා ගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ නිලධාරීන් පවසා තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම