රුසියානු තෙල් මත බටහිර මිල සීමාවට එරෙහිව රුසියානු ප්‍රතිවිරෝධතා නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
2023-02-02 11:27:31
Share with:

රුසියාව ඊයේ(1) සිට, තෙල් ගිවිසුම්වලට අදාළ මිල සීමා යාන්ත්‍රණය සෘජුව හෝ වක්‍රව භාවිතා කරන විදේශීය නීතිමය ආයතන සහ පුද්ගලයින්ට එරෙහිව, තෙල් සැපයීම තහනම් කර තිබේ.

ගිවිසුමට අදාළව මිල සීමා යාන්ත්‍රණය සකසා ඇත්නම්, රුසියානු තෙල් අපනයනකරුවන් රුසියානු රේගු හා බලශක්ති අමාත්‍යංශයට දැනුම් දිය යුතුය. එසේම දින 30ක් ඇතුළත එම ගිවිසුම සංශෝධනය කිරීමට අපනයනකරුවන් කටයුතු කර නොමැතිනම්, එය නීති විරෝධී ක්‍රියාවක් ලෙස සැලකෙනු ඇත. මෙම නියෝගය ජූලි 1 දක්වා බලපැවැත්වේ.

යුරෝපා සංගමයේ සාමාජික රටවල්, G7 සහ ඕස්ට්‍රේලියාව, පසුගිය වසරේ දෙසැම්බර් 5වැනිදා සිට රුසියානු තෙල් අපනයනයට මිල සීමා කිරීම ආරම්භ කළේ ය.  

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම