චීනයේ විස්තීර්ණ කොටස් නිකුතුව ලියාපදිංචි කිරීමේ පද්ධතිය පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණය කෙරේ
2023-02-02 11:29:35
Share with:

               චීන සුරැකුම්පත් නියාමන කොමිෂන් සභාව ඊයේ (1) කෙටුම්පත් කළ “පළමු කොටස් නිකුතුව ලියාපදිංචිය පිළිබඳ පරිපාලන රෙගුලාසි”ජනමත විමසීම සඳහා ප්‍රසිද්ධ කර ඇත. කොටස් නිකුතුව ලියාපදිංචිය ප්‍රතිසංස්කරණය කිරීම මගින් සමාගම්වලට සංකීර්ණ අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටිවලින් නිදහස් වී වඩාත් කාර්යක්ෂම ලෙස කොටස් වෙළඳපොලට පිවිසීමට අවකාශය සැලසේ. නව ක්‍රමය යටතේ කොටස් නිකුත් කරන සමාගම්වල තොරතුරු වඩාත් විනිවිද වන අතර එම සමාගම්වල සැබෑ වගකිව යුත්තන්ගේ කාර්යභාරය ද වඩාත් නීතිමය වශයෙන් තහවුරු කෙරෙනු ඇත. ඒ අනුව වංචනිකව කොටස් නිකුත් කිරීම්, මූල්‍ය වංචා සහ නීති රෙගුලාසි උල්ලංඝනය කිරීම් වැනි ක්‍රියාවන්ට කිසිදු ඉඩක් නොමැති බව  චීන සුරැකුම්පත් නියාමන කොමිෂන් සභාව සහතික කරයි.

               කොටස් නිකුතුව ලියාපදිංචි කිරීමේ ක්‍රමය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම මගින් චීනයේ බහුවිධ මට්ටමේ ප්‍රාග්ධන වෙළඳ පොළ වඩාත් පරිපූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම