කාලානූරූපී ලෙස වෙනස්වෙමින් ඉදිරියට ගමන් කරන චීනය
2023-02-02 09:25:01
Share with:

කාලානූරූපී ලෙස වෙනස්වෙමින් ඉදිරියට ගමන් කිරීම ඉතා වැදගත්ය. පුද්ගලයෙකුට හෝ රටකට පොදු මෙම නියමය පිළිපැදීමේන් අනාගත අභිවෘද්ධිය කරා ඉතා හොඳින් ගමන් කළ හැකිය. ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තියේ සිට වර්තමානයේ දී නව සමාජවාදී චින්තනයක් දක්වා කාලානුරූපිව ගමන් කරන චීනය එවන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගෙන ඇති බව අනෝමා සමූහ ව්‍යාපාරයේ අධිපති සාලිය අනුරාධ මහතා පවසයි. තමා ව්‍යාපාරිකයෙකු ලෙස චීනයේ මෙම ප්‍රතිපත්ති දෙස බැලීමේ දී ඉතා පැහැදිලි ආකාරයෙන් ගෝලීය තත්ත්වයන්ට උචිත ප්‍රවාහයක චීනය සැමවිටම සිටින ආකාරයක් දැකගත හැකි බව ද හෙතෙම කියා සිටී. එය චීන‍ය දෙවන ආර්ථිකය දක්වා පැමිණි ගමන වේගවත් වීමට එය හේතුවිය. එම ගමන වේගවත් බවින් පමණක් සුසැදි ගමනක් නොවූ අතර එහි පැහැදිලි ස්ථාවරභාවයක් ද දැක ගැනීමට හැකිවිය. වත්මන් ලෝක ආර්ථිකයට චීන ආර්ථිකය ඉතා වැදගත් සාධකයක් වී ඇත්තේ මෙම ස්ථාවරභාවය නිසාවෙන් යැයි ද සාලිය අනුරාධ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. නව සමාජවාදී චින්තනය ඔස්සේ පැරණි සමාජවාදයේ ආර්ථික හා සමාජීය ලක්ෂණයන් නව්‍ය ආකාරයකට මෙන්ම චීනයට ගැලපෙන ආකාරයෙන් ඉදිරියට ගෙනයාමට චීනය ක්‍රියා කරමින් සිටින්නේ ද පෙර සඳහන් කළ ආකාරයේ කාලානුරූපි වෙනසකම් සමග ඉදිරියට යාමේ චීනයේ අභිලාෂයන් නිසා යැයි ද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම