ගෝලීය විදේශ විනිමය සංචිතවල ඇමරිකානු ඩොලරයේ වැදගත්කම අඛණ්ඩව පහත වැටීමේ ප්‍රවණතාවයක්
2023-02-02 09:18:26
Share with:

ගෝලීය විදේශ විනිමය සංචිතවල ඇමරිකානු ඩොලරයේ වැදගත්කම අඛණ්ඩව පහත වැටීමේ ප්‍රවණතාවයක් පවතින බව Credit Suisse බැංකුව විසින් මූල්‍ය පද්ධතියේ අනාගතය පිළිබඳ ඊයේ (1) නිකුත් කළ වාර්තාවක දී අවධාරණය කරයි.

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම උත්සන්න වීමෙන් පසු ඇමරිකාව රුසියාවට දැඩි සම්බාධක පැනවීමට මුදල් අවි භාවිත කර ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දුන් අතර, බොහෝ රටවල් ඇමරිකානු ඩොලරය මත යැපීමෙන් ඉවත් වීමට ද උත්සාහ කරයි. Credit Suisse බැංකුවේ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ පසුගිය වසර 20 තුළ ගෝලීය විදේශ විනිමය සංචිතවල ඇමරිකානු ඩොලරයේ කොටස අඛණ්ඩව අඩුවෙමින් පවතින බවයි. ලෝකය ක්‍රමිකව බහු ධ්‍රැවීය මූල්‍ය පද්ධතියක් කරා ගමන් කරමින් සිටින බව ද විශ්ලේෂකයින් අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම