යල කන්නයේ සිට මඩ පොහොර නොමිලේ
2023-01-20 16:53:18
Share with:

වී වගාව සඳහා අත්‍යවශ්‍ය රසායනික පොහොර විශේෂයක් වන මඬ පොහොර හෙවත් Triple Super Phosphate (TSP)  එළැඹෙන යල කන්නයේ දී දිවයිනේ සියලුම ගොවීන්ට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

මහ කන්නයේ දී මඬ පොහොර ලබා දීමට තීරණය කර තිබුනත් ඒවා මිල දී ගැනීමට නොහැකි විය. එයට හේතුව රුසියාව හා යුක්‍රේනය අතර ගැටුම හේතුවෙන් යුක්‍රේනය විසින් එම පොහොර අපනයනය අත්හිටුවා තිබීමයි. කෙසේ වුවද මේ වනවිට මඬ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් සහිත නැව ලබන මස පළමු සති දෙක තුළ මෙරටට ළඟාවීමට නියමිත අතර යල කන්නයේ වී වගාවට අවශ්‍ය සම්පූර්ණ මඬ පොහොර ප්‍රමාණයම නොමිලයේ ගොවීන්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීම මහතා  කියා සිටී.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම