චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම කමිටු කාර්යාල අධ්‍යක්ෂවරයා හා ප්‍රංශ ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු උපදේශකයා අතර දුරකථන සාකච්ඡාවක්
2023-01-17 16:46:05
Share with:

චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම කමිටු කාර්යාල අධ්‍යක්ෂවරයා හා ප්‍රංශ ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු උපදේශකයා දුරකථන සාකච්ඡාවක් පවත්වති.

ඊයේ(16) පැවති එම සාකච්ඡාවේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, පක්ෂයේ විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම කමිටු කාර්යාල අධ්‍යක්ෂ වං යී මහතා පැවසුවේ ප්‍රංශය සමග සමීප ලෙස උසස් පෙළේ සබඳතා වර්ධනය කිරීම හා උපාය මාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කිරීම මගින් දෙරටේ පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සබඳතාවේ නව දැක්ම බිහි කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවයි. මේ වසර, චීනය හා යුරෝපා සංගමය පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සබඳතාව ගොඩනැගීමේ 20 වැනි සංවත්සරයට එළඹ තිබේ. ප්‍රංශය හා සෙසු යුරෝපා සංගමයේ සාමාජික රටවල් සමග අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීම, සංවාද හා සහයෝගිතා පැවැත්වීම, අන්‍යෝන්‍ය වාසි හා පොදු ජයග්‍රහණ අනුගමනය කරමින් චීන-යුරෝපා පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සබඳතාවට නව ගාමක බලවේගය එක් කිරීමට චීනය කැමැත්ත දක්වන බව වං යී මහතා පැවසීය.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු උපදේශක Emmanuel Bonne මහතා එහිදී පැවසුවේ චීනය සමග නිර්මාණශීලී, විද්‍යා හා තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා ගැඹුරු කරමින් උසස් පෙළේ හුවමාරු ශක්තිමත් කිරීමට ප්‍රංශය කැමැත්තෙන් සිටින බවයි. සීතල යුද්ධ සංකල්පය හා කණ්ඩායම් දේශපාලනයට විරෝධය පළ කරමින් යුරෝපා චීන සංවාද පුළුල් කිරීම හා බහු පාර්ශ්විකවාදය රැක ගැනීම වෙනුවෙන් සක්‍රීය දායකත්වය දැරීමට ප්‍රංශය කැමැත්තෙන් සිටී. චීනය ගන්නා වසංගත පාලන පියවරට අනුබල දෙමින් චීනය වත්මන් වසංගතය පරාජය කරනු ඇතැයි විශ්වාස කරන්නේ යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම