කොවිඩ් නව ප්‍රභේදයෙන් ආරක්‍ෂාවීම සදහා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසට ඉල්ලීමක්
2023-01-15 14:49:09
Share with:

කොවිඩ් නව ප්‍රභේදයෙන් ආරක්‍ෂාවීම සදහා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි. කොළඹ අයි.ඩී.එච්.රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ කොරෝනා නව ප්‍රභේදය පැතිරීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි. එමගින් පහසුවෙන් රෝගය වැළදීමේ හැකියාව පවතී. නව කොරෝනා ප්‍රභේදය රටවල් 29 කට වැඩි සංඛ්‍යාවකින් වාර්තා වී ඇත. උණ සෙම්ප්‍රතිශ්‍යාව.උගුරේ වේදනාව.කැස්ස.හිසරදය.හා ඇගපත වේදනාව රෝග ලක්‍ෂණයි. රෝගයෙන් වැළකී සිටීම සදහා ජනතාව බහුලව සිටින ස්ථාන මගහැරීම.මුඛ ආවරණ පැලදීම.දෑත් පිරිසිදුව තබා ගැනීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස හෙතෙම ඉල්ලීමක් කරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම