සංවර්ධනය වෙමින් පවතින රටවල් පොදුවේ මුහුණ දී සිටින ප්‍රශ්නවලදී චීනය චින්තනික නායකත්වය හා ප්‍රායෝගික දායකත්වය ලබා දීම ඉතා වැදගත් බව ගයනා ජනාධිපතිවරයා පවසයි
2023-01-14 16:39:55
Share with:

             

             ලතින් ඇමරිකානු මහද්වීපයේ පිහිටි ගයානා රාජ්‍යය චීනය සමග මුලින් ම රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කළ රටකි. පසුගිය දා චීන මාධ්‍ය සමූහය ගයානා ජනාධිපති Mohamed Irfaan Ali මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීය. චීනය හා ගයානාව අතර පවතින සම්බන්ධතා, චීනය ලතින් ඇමරිකාවේ සිදු කළ වෙළඳාම හා ආයෝජනය, හරිත සංවර්ධනය ඇතුළු කරුණු පිළිබඳව කරුණු ඉදිරිපත් කෙරිණ.

              සිය රටේ විවිධ සංවර්ධන අවධියන්හි චීනය ඉතා වැදගත් මෙහෙවර ඉටු කර ඇති අතර චීනය එම මෙහෙවර අඛණ්ඩව ඉටු කරනු ඇතැයි Mohamed Irfaan Ali ජනාධිපතිවරයා පැවසීය. එකිනෙකාට ගෞරව කරන ගයානාව සහ චීනය අතර පවතින්නේ ඉතාම සමීප සම්බන්ධතාවකි. ගයානා ජනගහණයෙන් හයෙන් එකක් ගන්නා චීන ජාතිකයන් එරට යටිතල පහසුකම් හා කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සැලකිය යුතු කාර්යභාරයන් ඉටු කර තිබෙන බව Mohamed Irfaan Ali ජනාධිපතිවරයා සඳහන් කරයි.

              2018 වසරේ චීනය හා ගයානාව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ අවබෝධතා ගිවිසුමකට එළඹිණ. කොවිඩ් වසංගතය මතු වීමෙන් පසු චීනය සහ ගයානාව එකිනෙකට සහාය දෙමින් කටයුතු කර ඇත.ගයානාවට පළමු වසංගත මර්දන එන්නත් තොගය ලැබුණේ චීනයෙන් බව Mohamed Irfaan Ali ජනාධිපතිවරයා සිහිපත් කරමින් කියා සිටියේ පසුගිය 90 දශකයේ චීනය ලතින් ඇමරිකා හා කැරිබියන් කලාපයට යැවූ පළමු වෛද්‍ය සහන කණ්ඩායම මුලින් ම සේවය කළේ ගයානා ජනතාවට බවයි.

             2021 වසරේ චීනය හා ගයානාව අතර වෙළඳාම ඇමරිකානු ඩොලර් කෝටි 70කට ළඟා විය.ඉදිරියේදී කෘර්ෂිකර්මාන්තය, හෝටල් කළමනාකරණය, විද්‍යා තාක්ෂණ සහ ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් ඇතුළු ක්ෂේත්‍රවල දෙරටට වඩාත් සහයෝගිතාව පවත්වාගෙන යා හැකි බවට ගයානා ජනාධිපතිවරයා විශ්වාසය පළ කරයි. එමෙන් ම සංවර්ධනය වෙමින් පවතින රටවල් පොදුවේ මුහුණ දී සිටින දේශගුණ විපර්යාසය, බලශක්ති අර්බුදය හා ආහාර සුරක්ෂිතතාව වැනි ප්‍රශ්නවලදී චීනය චින්තනික නායකත්වය හා ප්‍රායෝගික දායකත්වය ලබා දීම ඉතා වැදගත් බව Mohamed Irfaan Ali ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම