කෘෂිකර්ම පර්යේෂණ හා නව නිපැයුම් සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙසට ජනාධිපතිවරයා ගෙන් උපදෙස්
2023-01-11 15:50:49
Share with:

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා නව නිපැයුම් සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙසට ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමතිවරයාට දැනුම් දෙයි.

ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය උදෙසා සිදු කළ පර්යේෂණ මෙන්ම නව හඳුන්වාදීම් සම්බන්ධව අංග සම්පූර්ණ වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටී.

අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා වූ කරුණු අනුව වී, මිරිස්, රටකජු, බඩඉරිඟු හා තවත් බෝගවර්ග කිහිපයක් ආශ්‍රිතව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදු කරන ලද පර්යේෂණවලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගෙන තිබේ. එහෙත් එළවළු හා පලතුරු සම්බන්ධව ප්‍රමාණවත් තරම් අවධානයක් හෝ පර්යේෂණ සිදු කර නොකිරීම අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමුව තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම