“අප්‍රිකාවේ හෝන්හි සාමය හා සංවර්ධනය පිළිබඳ ඉදිරි දැක්ම” පිළිබඳව චීන විදේශ අමාත්‍යවරයා අදහස් පළ කරයි
2023-01-11 10:48:48
Share with:

“අප්‍රිකාවේ හෝන්හි සාමය හා සංවර්ධනය පිළිබඳ ඉදිරි දැක්ම” පිළිබඳව චීන විදේශ අමාත්‍යවරයා අදහස් පළ කරයි.

ඊයේ(10) අඩිස් අබාබා හි ඉතියෝපියානු නියෝජ්‍ය අගමැති, විදේශ අමාත්‍ය Demeke Mekonnen මහතා සමඟ සාකච්ඡාව පැවැත්වීමෙන් පසු චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා මාධ්‍යවේදීන් හමු වී මේ පිළිබඳව අදහස් දැක්වීය.

ඉතියෝපියාවේ ෆෙඩරල් රජය සහ Tigray ජනතා විමුක්ති පෙරමුණ (TPLF) අතර සටන් විරාම ගිවිසුම පසුගිය දා අත්සන් කළ අතර එය පියවරෙන් පියවරට ක්‍රියාත්මක කර ඇත. මේ සම්බන්ධයෙන්, ඉහළ ප්‍රසාදය පළ කරමින් චීනය ඉතියෝපියාවේ රජයට හා ජනතාවට උණුසුම් සුබ පැතුම් පිරිනමන බව හෙතෙම පැවසීය.

අප්‍රිකානු හෝන්හි උපාය මාර්ගික ස්ථානය ඉතා වැදගත් බැවින් එමඟින් අප්‍රිකාව හා මැද පෙරදිග ප්‍රදේශයේ සාමයට හා ස්ථාවරත්වයට වැදගත් බලපෑම් එල්ල විය. චීනය ඉදිරිපත් කරන ලද “අප්‍රිකාවේ හෝන්හි සාමය හා සංවර්ධනය පිළිබඳ ඉදිරි දැක්ම” ප්‍රධාන අරමුණ වන්නේ අදාළ ප්‍රාදේශීය රටවල සමගිය, ස්වාධිපත්‍යය, සමෘද්ධිය හා ස්ථාවරත්වය ඉටු කිරීමට අනුබල දීමයි. චීනය ඉතියෝපියාවට ආහාර, එන්නත් යන මානුෂික සහනාධාර තොග රැසක් ලබා දී තිබෙන අතර ගැටුම් වලින් බලපෑම් එල්ල වූ ජනතාවගේ ජීවිත අසීරුතා ලිහිල් කර ඇත. චීනය එවැනි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් අදාළ ප්‍රදේශ වල පුනරුත්ථාපන කටයුතු වලට සක්‍රිය ලෙස එක් වනු ඇතැයි ද  චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා එහි දී පැවසීය.     

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම