පළමු ආනයනික බිත්තර තොගය ලබන සතියේ
2023-01-05 15:16:45
Share with:

එළඹෙන සතිය තුළ පළමු බිත්තර තොගය ශ්‍රී ලංකාවට ආනයනය කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. මිල අඛණ්ඩව ඉහළයාමත් සමඟ ඇති වූ ජනතා ඉල්ලීම් හේතුවෙන් බිත්තර ආනයනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.

බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර තිබිය දීත් වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 65 – 70 ත් අතර විවිධ මිල ගණන්වලට අලෙවි වෙයි. මෙවන් පසුබිමක පාරිභෝගික ජනතාව බිත්තර ආනයනයට පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටියහ.

කෙසේවෙතත් මෙම තීරණය හේතුවෙන් සිය කර්මාන්තයේ නිරතවන විශාල පිරිසකට දැඩි බලපෑමක් එල්ලවන බව සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයෝ පවසති.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම