චීන ජනපති ආර්යාව සහ පිලිපීන ජනපති ආර්යාව චීන ජාතික කෞතුකාගාරය නැරඹීමට එක් වෙති
2023-01-05 09:30:22
Share with:

චීන ජනපති ආර්යාව වන පෙං ලීයුවාන් මහත්මිය සමඟ පිලිපීන ජනපති ආර්යාව වන Louise Araneta-Marcos මහත්මිය චීන ජාතික කෞතුකාගාරය නැරඹීමට එක් වෙති .

ඊයේ(4) පස්වරුවේ පෙං ලීයුවාන් මහත්මිය, චීනයේ නිල සංචාරයක නිරතව සිටින පිලිපීන ජනාධිපති Ferdinand Romualdez Marcos මහතාගේ ආර්යාව වන Louise Araneta-Marcos මහත්මිය සමඟ චීන ජාතික කෞතුකාගාරය නැරඹීමට එක් වූහ.

එම අවස්ථාවේ දී පෙං ලීයුවාන් මහත්මිය ප්‍රකාශ කළේ, ‘කරුණාවන්තයින් සමඟ සමීපව කටයුතු කරමින් ,අසල්වැසියන් සමග මිත්‍රශීලිව ඇසුරු කිරීමත්, විවිධ රටවල් අතර සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමත්’ චීන ජාතිකයින්ගේ ජීවිත දර්ශනය වන බවයි. චීනය හා පිලිපීනය මුහුදෙන් වෙන්ව සිටින සමීප අසල්වැසියන් වන බවත්, පිලිපීනය මුහුදු සේද මාවතේ වැදගත් සන්ධිස්ථානයක පිහිටි රටක් බවත් ඇය සඳහන් කළාය. දෙරටේ ජනතාව අතර පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, චීන පිලිපීන සම්බන්ධතාවය නව මානයකින් ඉදිරියට ගෙන යාමට හැකි බව අපේක්ෂා කරන බව ද  ඇය ප්‍රකාශ කළාය.

චීන ජාතික කෞතුකාගාරය නැරඹීමට තමාට කළ ආරාධනා වෙනුවෙන් පෙං ලීයුවාන් මහත්මියට ස්තුතිවන්ත වන බවත්, චීන ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ,පිලිපීන ජනපති ආර්යාව වන Louise Araneta-Marcos මහත්මිය එහි දී පැවසුවාය. දෙරටේ ජනතාව සේද මාවතේ ජීව ගුණය උරුමයක් කර ගනිමින් ,අන්‍යෝන්‍ය විශ්වාසය හා මිතුදම අඛණ්ඩව වැඩිදියුණු කළ යුතු බව ද ඇය සඳහන් කර ඇත.



ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම