චීන සහ පිලිපීන ජනාධිපතිවරුන් අතර පැවති හමුවේදී වසර 48කට පෙර වූ සිදුවීමක් සිහිපත් කෙරේ.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බෙයිජිං අගනුවර පිහිටි මහජන මහා ශාලාවේ දී, චීනයේ නිල සංචාරයක නිරත පිලිපීන ජනාධිපති Ferdinand Marcos මහතා සමග හමුවක් අද (04) සවස පැවැත්වීය.
ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේ, මෙම වසරේ චීනය පිළිගන්නා ප්‍රථම විදේශ රාජ්‍ය නායකයා Marcos මහතා බවයි. වසර 48කට පෙර, Marcos මහතාගේ පියා එකල චීනයේ ජ්‍යෙෂ්ඨ පරපුරේ නායකයන් සමග එක්ව, එකල පැවති ප්‍රවණතා හා තත්ත්වය මැනැවින් ප්‍රත්‍යක්ෂ කර චීනය හා පිලිපීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවීම සඳහා වන ඓතිහාසික තීරණය ගෙන ඇත. මෙම ළෙන්ගතුකම මහඟු බැදීමක් වූ බව ෂී ජින් පිං මහතා පැවසීය.
Ferdinand Marcos මහතා පැවසුවේ තමා මෙවර චීන සංචාරය පිළිබඳව ඉහළ අපේක්ෂාවලින් පසුවන බවයි. චීනය හා පිලිපීනය දෙරට සබඳතාව ඉතා වැදගත් කොට සලකන බවයි. දෙරටේ මිතුදම අඛණ්ඩ ව ඉදිරියට මෙහෙයවීම තම වගකීමක් මෙන්ම ගෞරවයක් බව පැවසූ Marcos මහතා, අනාගතයේ මුහුණ දෙන පොදු අභියෝග හා දුෂ්කරතා එක්ව නිරාකරණය කළ හැකිවෙතැයි අපේක්ෂා පළ කළේ ය. දෙරට අතර හවුල්කාරීත්වය තවදුරටත් සවිමත් කිරීම ඔහුගේ බලාපොරොත්තුවයි.