බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන සේවකයෝ මේ සතියේ අඛණ්ඩව වැඩ වර්ජනවල
2023-01-04 11:27:55
Share with:

බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන සේවකයෝ මේ සතියේ යළි වැඩ වර්ජනවල නිරත වෙති. සේවකයින්ගේ වැටුප්, තනතුරු සහ සේවා කොන්දේසි සම්බන්ධව දීර්ඝ කාලයක සිට කරන ලද ඉල්ලීම් ඉටු නොවීම මෙම වැඩ වර්ජන සඳහා හේතු වී ඇත.

බ්‍රිතාන්‍ය ජාතික දුම්රිය, සමුද්‍ර සහ මාර්ග ප්‍රවාහන වෘත්තීය සංගම්වල සාමාජිකයන් මේ සතියේ 3,4,6 සහ 7 යන දිනවල එම වැඩ වර්ජන සිදු කරන බව ප්‍රකාශ කළේය. එමෙන්ම බ්‍රිතාන්‍ය දුම්රිය රියදුරු සංගමය ද හෙට (5) දින මෙම වැඩ වර්ජනයට එක් වන බව ප්‍රකාශ කර ඇත.  මෙම වර්ජන හේතුවෙන්, මිලියන ගණනක ජනතාවකගේ ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ල වනු ඇත.

2022 වර්ෂයේ සිට, බලශක්ති මිල ඉහළ යාම සහ ඉහළ උද්ධමනය ඇතුළු සාධකවල බලපෑම යටතේ, බ්‍රිතාන්‍ය ජනතාවගේ ජීවන වියදම ද ඉහළ ගොස් ඇත. පවතින උද්ධමනයට සරිලන පරිදි රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීමට නොහැකි බව ද බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර තිබේ.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම