ගෝලීය වශයෙන් නව කොරොනා වසංගත පාලනයට චීනයේ අඛණ්ඩ සහයෝගය
2023-01-03 17:51:09
Share with:


නව කොරොනා වසංගත පාලනය සඳහා වන අන්තර්ජාතික සහයෝගිතාවට චීනය අඛණ්ඩ ව ඉදිරිපත් වී සිටින බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Maoning මහත්මිය අද(03) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළා ය.

වසංගතය හටගත් දා සිට චීනය නිසි කලට ජගත් ප්‍රජාව සමග එක්ව වසංගත පාලන ක්‍රමවේද සකස් කර ඇති බව ඇය කියාසිටී. වසංගතයේ විවිධ වෙනස්වීම් හා පාලනයේ දී මුහුණ පෑ නව තත්ත්වයන් පිළිබඳ තොරතුරු චීනයේ අදාළ ආයතන නීත්‍යනුකූල අයුරින්, විනිවිදභාවයෙන් යුතුව අනාවරණය කර තිබේ. ඉන්ෆ්ලුවෙන්සා ගෝලීය දත්ත ගබඩාව සමග චීනයේ වත්මන් කොවිඩ් ආසාදිතයන්ට වැළඳී ඇති වෛරස ප්‍රභේද පිළිබඳ දත්ත චීනය බෙදා ගෙන ඇති බව ද MaoNing මහත්මිය කියාසිටී.

චීනය තුළ පැතිර යන වත්මන් කොවිඩ් වෛරස ප්‍රභේද මීට පෙර  සෙසු රටවල ද ව්‍යාප්ත වී ඇති බව රටවල් රැසක විශේෂඥයන් පවසා ඇතැයි ද ඇය පවසයි. ඕනෑ ම ස්ථානයක නව ප්‍රභේද ඇති විය හැකි බැවින්, චීනයෙන් පැමිණෙන පුද්ගලයන්ට විශේෂ සීමා පැනවීමට අවශ්‍ය නැතැයි විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම