චීන ජනපතිගේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය අපේක්ෂා පිරිපුන් ප්‍රකාශයක් බව ජාත්‍යන්තර මාධ්‍යවේදීහු පවසති
2023-01-02 16:24:51
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ 2023 නව වසරේ සුබ පැතුම් පණිවුඩය ප්‍රබෝධවත් මෙන්ම බලාපොරොත්තු සහගත ප්‍රකාශයක් බව බොහෝ රටවල මාධ්‍යවේදීහු පවසති.

ෂී ජින් පිං ජනාධිපතිවරයා නව වසරේ සුබ පැතුම් පණිවුඩයේ අභියෝගවලින් පිරුණු  2022 වසර සාරාංශ කර ඇතැයි රුසියානු "Great Asia"රූපවාහිනී සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. ෂී ජින් පිං මහතා සඳහන් කළ “චීන ආර්ථිකයේ පූර්ණ ප්‍රාණවත්භාවය හා ශක්තිය” සිත් ඇදගන්නාසුලු බව ද හෙතෙම කියා සිටියේය. චීන ආර්ථිකය රටේ ඉදිරි දර්ශනය වෙනස් කරමින් ජනතාවගේ ජීවිතය යහපත් කරනු ඇතැයි ද ඔහු පැවසීය. මේ අතර, මනා ශක්‍යතාවන්ගෙන් හා නම්‍යශීලිත්වයෙන් සපිරි චීන ආර්ථිකය, ලෝක ආර්ථික වර්ධනයට අතිශය වැදගත්ම ගාමක බලවේගය වනු ඇතැයි  විශ්වාස ‍කරන බව පිලිපීන මාධ්‍යවේදියෙක් පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම