නොරොච්චෝලේ අක්‍රීය වූ විදුලි ජනන යන්ත්‍රය 07වැනිදා යළි ජාතික පද්ධතියට
2023-01-01 16:25:12
Share with:

නොරොච්චෝල විදුලි බලාගාරයේ අක්‍රීයව ඇති විදුලි ජනන යන්ත්‍රය ජනවාරි මස 7 වැනිදා වන විට ජාතික පද්ධතියට එක්කරන බව, විදුලිබල මණ්ඩලය පවසයි. 

ගල්අඟුරු නෞකාව දැනටමත් දිවයිනට ළඟාවෙමින් පවති. එය මෙරටට ළඟාවීමත් සමග එම බලාගාරය සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක කරන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ජනන යන්ත්‍රය ඉකුත් 22 වැනිදා අක්‍රීය කෙරිණ. මේ නිසා ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක් අහිමිවිය. 

නොරොච්චෝල බලාගාරය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීමෙන් පසු, ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව යළි සලකා බලන බව සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම