2022 දී ඇමරිකාවේ අවි ආශ්‍රිත සිදුවීම්වලින් මිය ගිය හා තුවාල ලැබූ බාලවයස්කරුවන් සංඛ්‍යාව 6,000 ඉක්මවයි
2022-12-27 15:16:12
Share with:

ඊයේ (26) දක්වා, 2022 දී ඇමරිකාවේ අවි ආශ්‍රිත සිදුවීම්වලින් මිය ගිය හා තුවාල ලැබූ වයස අවුරුදු 18 ට අඩු බාල වයස්කරුවන් සංඛ්‍යාව 6,021 ක් බව ඇමරිකාවේ අවි ප්‍රචණ්ඩත්ව ලේඛන පිළිබඳ වෙබ් අඩවිය හෙළි කරයි. එම වෙබ් අඩවිය 2014 සිට සෑම වසරකම ඒ පිළිබඳ දත්ත රැස් කරයි. 2022 වසරේ වාර්තා වී ඇති එම සංඛ්‍යාව ඒ අතරින් ඉහළම මට්ටමකි.

දත්තවලට අනුව, 2022 දී ඇමරිකාවේ අවි ආශ්‍රිත සිදුවීම්වලින් මියගිය බාලවයස්කරුවන් සංඛ්‍යාව 1,629 කි. ඒ අතරින් 306 දෙනෙකු වයස අවුරුදු 11 සහ ඊට අඩු ළමුන්ය. 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම