ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීමට චීනය අඛණ්ඩ උත්සාහයක
2022-12-26 19:01:12
Share with:

ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නයට දේශපාලන රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් සොයා දීම සඳහා චීනය ‍අදාල පාර්ශ්වයන් සමග එක්ව අඛණ්ඩව උත්සාහ කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.

 ඉරාන න්‍යෂ්ටික ගිවිසුම යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවේ අවසාන අදියර පිළිබඳව තමා සහ, රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳ යුරෝපා සංගමයේ උ‍සස් නියෝජිතයා සමග සාකච්ඡා කර එකඟතාවකට එළඹ තිබෙන බව ඉරාන විදේශ අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව අද(26) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී, මාධ්‍ය වේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මාඕ නිං මහත්මිය එසේ චීනයේ ස්ථාවරය දැක්වූවාය.

වර්තමානයේ ඉරාන න්‍යෂ්ටික ගිවිසුම යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාව වැදගත්ම අදියරට පිවිස තිබේ. තත්ත්වය සංකීර්ණ වුවද ගිවිසුමකට එළඹීමට තවත් බලාපොරොත්තුවක් පවතී. දිගු කාලයක් පුරා ඉරානය අවංකව කටයුතු කර ඇත. විවිධ පාර්ශ්වයන් නිවැරදි ව තීරණ ගනිමින් සක්‍රිය හා සංවර්ධනාත්මක පියවර ගත යුතු බව මාඕ නිං මහත්මිය පෙන්වා දෙයි. විශේෂයෙන් අදාල ප්‍රශ්නය, සෙසු ප්‍රශ්න සමග සම්බන්ධ කිරීමෙන් වැළකිය යුතු අතර අදාල සාකච්ඡාව කඩිනමින් ප්‍රතිඵල දිනා ගැනීම ප්‍රවර්ධනය කිරීමට විවිධ පාර්ශ්වයන් උත්සාහ කළ යුතු බව ඇය පැවසුවාය.

ගුවන් විදුලිය
20230328අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම