2022 චීන ග්‍රාමීය පුනර්ජීවනය පිළිබඳ ප්‍රධාන පුවත් 10
2022-12-26 16:21:21
Share with:

චීන මාධ්‍ය සමූහය 2022 චීන ග්‍රාමීය පුනර්ජීවනය පිළිබඳ ප්‍රධාන පුවත් 10 නිකුත් කරයි. 

චීනයේ ග්‍රාමීය කටයුතු රැස්වීම පැවැත්වෙයි. කෘෂිකර්මය මගින් රට ශක්තිමත් කිරීමට අදාළ කටයුතුවල ක්‍රියාකාරිත්වය සහතික කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම රැස්වීමේ දී අවධාරණය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ වාර්තාව, චීන ලක්ෂණයෙන් යුතු නවීකරණ පදනමක් මත, චීන ජාතියේ මහා පුනර්ජීවනය පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීම ඉදිරිපත් කරයි. එය රටේ කෘෂිකාර්මික නවීකරණ ඉදිකිරීම් සඳහා ද මගපෙන්වා ඇත.

රටේ මෙවරත් සාර්ථක ආහාර බෝග අස්වැන්නක් වාර්තා වෙයි. විශාල රටක් වන චීනයේ  ධාන්‍යාගාරය ස්ථාවරව පවතී. 

14 වැනි පස් අවුරුදු සැලැස්ම යටතේ, කෘෂිකාර්මික හා ග්‍රාමීය නවීකරණ ප්‍රවර්ධන සැලසුම නිකුත් කෙරේ. එය කෘෂිකාර්මික නවීකරණය සහ ග්‍රාමීය නවීකරණය ඒකාබද්ධ කෙරෙන සැලසුමකි. 

අඛණ්ඩව 19 වන වසරටත් "කෘෂිකර්මය, ගම්මානය, ගැමියන්" වෙත අවධානය යොමු කරමින් 2022 චීනයේ  අංක 1 ලේඛනය නිකුත් කෙරේ.

ග්‍රාමීය පුනර්ජීවනය සඳහා වසර පහේ ඉලක්කය සාර්ථකව ඉටු කර ඇත. 

සෝයා බෝංචි සහ තෙල් නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. සෝයා බෝංචි-ඉරිඟු  සංයෝග වගාව පුළුල් කෙරේ.

වසර 40 කට පසුව තෙවන ජාතික පාංශු සමීක්ෂණය ආරම්භ වෙයි.

සාම්ප්‍රදායික කෘෂිකාර්මික පද්ධති හතරක් සහ චීන තේ සැකසුම් ශිල්පය ලෝක උරුමයන් ලෙස නම් කෙරේ. කෘෂිකාර්මික උරුමයන් සහ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් වැඩිම සංඛ්‍යාවක් හිමිකර ගනිමින් චීනය ලොව පළමු ස්ථානයට පත්වේ.

අභිජනනය කෙරුණු නව බෝග විශේෂ පෙළක් හඳුන්වා දී ඇත. චීනයේ ජාතික බීජ කර්මාන්ත ව්‍යවසාය ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ. බීජ කර්මාන්තයේ පුනර්ජීවනය සඳහා ප්‍රබල පියවර ක්‍රියාවට නැංවේ. 


ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම