චීනයට සම්බන්ධ සෘණාත්මක විධිවිධාන විශාල ප්‍රමාණයක් අඩංගු ඇමරිකානු 2023 මූල්‍ය වර්ෂයේ ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනතට එරෙහිව චීනයෙන් දැඩි චෝදනා
2022-12-24 15:22:59
Share with:

ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා අද(24) “2023 මූල්‍ය වර්ෂයේ ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත” බලාත්මක කරමින් ඊට අත්සන් තබා තිබේ. මෙම පනත් කෙටුම්පතේ චීනයට සම්බන්ධ සෘණාත්මක විධිවිධාන විශාල ප්‍රමාණයක් අඩංගු වේ.

 මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේ, චීනයට අදාළ ඍණාත්මක අන්තර්ගතයන් අඩංගු මෙම පනත් කෙටුම්පත බලාත්මක කිරීමට ඇමරිකාව ක්‍රියා  කිරීම සම්බන්ධයෙන්, චීනය දැඩි අතෘප්තිය සහ දැඩි විරෝධය පළ කරන බවයි. ඒ සම්බන්ධයෙන් චීනය ඇමරිකාවට දැඩිව චෝදනා කර තිබේ.

දෙරටේ නායකයන් Bali දූපත් හමුවීමේදී එකඟවූ වැදගත් එකඟතාවන් ඇමරිකාව දැඩි සැලකිල්ලෙන් යුතුව ක්‍රියාත්මක කළ යුතු බවත්, අදාළ පනත් කෙටුම්පත්වල චීනය සම්බන්ධ සෘණාත්මක වගන්ති ක්‍රියාත්මක නොකළ යුතු බවත්, චීනය ඉල්ලා සිටී.

චීනය සිය ස්වෛරීභාවය, සුරක්ෂිතභාවය සහ සංවර්ධන අවශ්‍යතා අධිෂ්ඨානශීලීව ආරක්ෂා කිරීම සඳහා ස්ථිර සහ බලගතු පියවර ගනු ඇතැයි ද, චීන විදේශ අමාත්‍යංශය සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම