නවසීලන්තය සමග පවතින සබඳතා තවදුරටත් වර්ධනයට චීනයේ කැමැත්ත
2022-12-22 17:54:14
Share with:

නවසීලන්තය සමග පවතින පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සම්බන්ධතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට චීන කැමැත්ත පළ කරයි.

චීනය හා නවසීලන්තය රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 50වන සංවත්සර දිනය අදට (22) යෙදී තිබේ. මෙම විශේෂ දිනය නිමිති කරගෙන චීන ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා වෙන් වෙන් ව නවසීලන්ත ආණ්ඩුකාරවරයා හා අග්‍රාමාත්‍යවරයා සමග සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගෙන ඇත.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (22 ) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මෙම දිනය පිළිබඳ සඳහන් කරමින් කියා සිටියේ නවසීලන්තය සමග පවතින පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සම්බන්ධතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට චීනය කැමති බවයි. නවසීලන්තය සමග ද්විපාර්ශ්වික සබඳතා චීනය ඉතා වැදගත් කොට සලකයි.ඉදිරි‍යේදී චීන-නවසීලන්ත සම්බන්ධතා අඛණ්ඩ ව වර්ධනය වනු ඇතැයි ද මෞ නිං මහත්මිය කියා සිටියා ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම